Foreign Domestic Helpers' Corner
Foreign Domestic Helpers' Corner

Online Briefing for Foreign Domestic Helpers on their Employment Rights

In order to enhance the awareness of foreign domestic helpers (FDHs) on their employment rights, the Labour Department (LD) will conduct an online briefing for FDHs on 23 March 2025 (Sunday). LD has also invited a representative from the Hong Kong Police Force to give our participants an anti-money laundering talk providing information on anti-money laundering and fraudsters’ practices and advice on how to protect personal bank accounts. The briefing will be conducted in Bahasa Indonesia and Tagalog. Details of the briefing are as follows:

Date  :  23 March 2025 (Sunday)
Time  :  1:00 pm to 2:30 pm (Bahasa Indonesia session);
 :  3:00 pm to 4:30 pm (Tagalog session)
Platform  :  ZOOM (Real-time)
(Participants are required to arrange their own computers or mobile devices with internet access)

Interested FDHs may enrol by noon of 21 March 2025 (Friday) by any of the following ways:

The event is free of charge. Enrolment is on a first-come, first-served basis. Enrolment results will be issued by email. For enquiries, please call 3582 8995.

හොං කොංහි වැඩ කරන අතරතුර ඔබ දැන සිටිය යුතු දේ

ඔබේ කම්කරු අයිතිවාසිකම්

  • ඔබට අවම වශයෙන් දින 7 කට එක් නිවාඩු දිනයක්, ව්‍යවස්ථාපිත නිවාඩු දින සහ වැටුප් සහිත වාර්ෂික නිවාඩු සඳහා හිමිකම් ලැබෙනු ඇත. නිවාඩු දිනවලදී ඔබට වැඩ කිරීමට හෝ ව්‍යවස්ථාපිත නිවාඩු දිනය වෙනුවට වෙනත් ආකාරයක ගෙවීම් සිදුකිරීමට අවස්ථාව ලබා දීම සඳහා ඔබව පෙළඹවීමට සේවා යෝජකයාට නොහැකිය.

  • ඔබේ ගිවිසුම ප්‍රකාරව ඔබගේ වැටුප සම්පූර්ණ වටිනාකමට අනුව ගෙවිය යුතු වේ (ගිවිසුම අත්සන් කරන ලද කාලයට අදාළ අවම වැටුප් මට්ටම ට වඩා අඩු නොවිය යුතුය) එමෙන්ම වැටුප් කාලපරිච්ඡ්දයඅවසන් වී දින 7 ක් ගත වීමට පෙර ගෙවිය යුතුය.

  • ඔබ නොමිලේ ආහාර ලබා දෙනු ඇත, නැතහොත් ඔබේ සේවාදායකයාගේ තෝරා ගැනීමෙන්, ආහාර දීමනාව සේවා නියුක්ති කාලයට අදාළ වේ.

  • ඔබ සම්පූර්ණ සේවා කාලය තුළ ගිවිසුම් ප්‍රකාර වඔබගේ සේවායෝජකයාගේ නිවසේ වැඩ කරගෙන එහි ම ජීවත් විය යුතුය. ඔබගේ සේවායෝජකයා විසින් ඔබට සාධාරණ පෞද්ගලිකත්වයක් සහිත නවාතැන් නොමිලේ සැපයිය යුතුය.

  • ඔබගේ සේවායෝජකයා ගිවිසුම ආරම්භ කිරීමට පෙර ඔබගේ වාසස්ථානයේ සිට හොංකොං වලට ගමන් කිරීම සඳහා ගුවන් ටිකට්පතක් ලබා දෙනු ඇත; එමෙන් මගිවිසුම නිම කිරීම / අවසන් කිරීම, සමඟ ඔබගේ නිවසට / පදිංචි ස්ථානයට නැවත යාමට ඔබට ගුවන් ටිකට්පතක් ලබා දෙනු ලැබේ.

  • ඔබ හට ඇති වන රෝගී තත්ත්වයන් ඔබගේ රාජකාරි වලින් / අතරතුර දී ඇති වුවාදැයි නොසලකා හොං කොං හි ඔබේ සේවා කාලය තුළ ඔබට නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙනු ඇත.

නිතර අසනු ලබන ප්‍රශ්න

හොංකොං හි රැකියාවක් සඳහා සූදානම් වන්න - විගමනික ගෘහ සේවකයින් සඳහා අත්පොතක්

විදේශීය ගෘහ සේවිකාවන් සේවයේ යෙදවීම පිළිබඳ තොරතුරු
Your labour rights picture


රැකියා නියෝජිත ආයතන

  • විගමනික ගෘහ සේවිකාවන් රැකියා නියෝජිත ආයතන (EAs) හරහා පමණක් ලබා ගැනීමට අවශ්‍ය වන බව හොං කොං විශේෂ පරිපාලන රාජ්‍යය දන්වා නොමැත. එහෙත්, ඔබේ ආණ්ඩුවට / රටට එවැනි අවශ්‍යතා තිබිය හැකිය. ගැටළු ඇතොත් ඔබේ රටේ හොංකොං රජයේ කොන්සල් නියෝජිතයන්ගෙන් විමසන්න.

  • නීතිය අනුව, රැකියා ලබා දීමට කැමති ඕනෑම අයෙකු කම්කරු දෙපාර්තමේන්තුවෙන් බලපත්‍රයක් ලබා ගත යුතුය. EA සේවා භාවිතා කිරීමට පෙර රැකියා නියෝජිත ආයතනයට (EA) වලංගු බලපත්‍රයක් තිබේදැයි පරීක්ෂා කරන්න. කරුණාකර අන්තර්ජාලයෙන් බැලීමට මෙතනින් පිවිසෙන්න (චීන / ඉංග්‍රීසි භාෂා පමණි).

  • ඔබගේ රැකියා නියෝජිත ආයතනයට (EA) අදාළ කොමිස් මුදල හැර ඝෘජු ව හෝ හෝ වක්‍රව ඔබෙන් කිසිදු ගාස්තුවක් හෝ වියදමක් අය කිරීම තහනම් වේ.(එය නිසි පරිදි ස්ථානගත වූ පසු ඔබගේ පළමු මාසික වැටුපෙන් 10% ක් වන අතර), ඔබ ආරක්ෂා කර ගැනීම සඳහා, කොමිස් මුදලගෙවීමෙන් පසු රිසිට්පතක් රැකියා නියෝජිත ආයතනය (EA) වෙතින් ලබාගත යුතුය.

  • රැකියා නියෝජිත ආයතනයක් (EA) විසින් අතිරික්තයක් අය කරනු ලැබු බවට සැක කරන ඕනෑම රැකියා අපේක්ෂකයෙකු හැකි ඉක්මනින් ඒ බව රැකියා ඒජන්සි පරිපාලනය (EAA) වෙත වාර්තා කළ යුතුය.

  • රැකියා නියෝජිත ආයතනයක් (EA) හා සම්බන්ධ වීමට පෙර සේවායෝජකයන් සහ රැකියා අපේක්ෂකයින්, ඔවුන්ගේ අයිතිවාසිකම් සහ වගකීම් අවබෝධ කර ගැනීම සඳහා රැකියා නියෝජිතායතන සඳහා පුහුණු නීති සංග්රහය ට කියවීමට දිරිමත් කරනු ලැබේ.


ඔබගේ ආරක්ෂාව උදෙසා

  • කිසිවෙකුට (ඔබේ සේවායෝජකයා හෝ නියෝජිතායතනය ඇතුළුව) ඔබේ පුද්ගලික හැඳුනුම් ලියවිලි (උදා. විදේශ ගමන් බලපත්‍රය හා හොංකොං හැඳුනුම්පත ආදී) , දේපල (උදා. බැංකු ස්වයංක්‍රිය ටෙලර් කාඩ්පත) හෝ ඔබගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශන / ලියකියවිලි ඔවුන්ට ලබා දෙන ලෙස බල කල නොහැක.

  • ඔබට සම්පූර්ණයෙන්ම එකඟ විය නොහැකි හෝ තේරුම් ගත නොහැකි කිසිදු ලේඛණයකට/ ගිවිසුමකට අත්සන් තැබීමෙන් වළකින්න.

  • පුහුණු ගාස්තු හෝ කොමිස් ගාස්තු ආපසු ගෙවීම සඳහා ණය ගන්නා ලෙස ඔබෙන් ඉල්ලා සිටීමට ඔබේ නියෝජිතායතනයට නොහැක.

  • ඔබගේ ගිවිසුමේ කිසිදු වැරදි තොරතුරු (උදා: ඔබගේ වැටුප, ඔබගේ රැකියා ස්ථානයේ ලිපිනය) ඇතුලත් කිරීම සඳහා ඔබගේ සේවායෝජකයා හෝ රැකියා නියෝජිත ආයතනයක් (EA) කරන ඉල්ලීම් වලට එකඟ නොවිය යුතුය. එසේ කිරීම වරදක් වන අතර ඒ සඳහා ඔබ වගකිව යුතුය.
Protect yourself


උපකාර අවශ්‍ය ද?

  • ඔබ ශාරීරික වශයෙන් අපයෝජනයට ලක් වුව හොත්, "999" අමතා පොලිසියට දැන්විය යුතුය.

  • ඔබගේ වැටුප පූර්ණ වශයෙන් සහ නියමිත වේලාවට ගෙවනු නොලැබේනම්, නිවාඩු දිනයන් සහ ව්‍යවස්ථාපිත නිවාඩු දින ලබා නොදෙන්නේ නම් හෝ ඔබගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට සැක මතු වේ නම්, ඔබ පහත සඳහන් මාර්ග ඔස්සේ කම්කරු දෙපාර්තමේන්තුව සම්බන්ධ කර ගත යුතුය.

    • 2157 9537 (මෙහෙය වන්නේ “1823” විසිනි) අමතන්න හෝ මාර්ගගතවපණිවුඩයක් අපට එවන්න
    • නොමිලේ සපයන උපදේශන සහ සමාදාන සේවා සේවාව සඳහා අපගේ කම්කරු සබඳතා අංශය වෙත පැමිණෙන්න.

  • ලිංගික ප්රචණ්ඩතා, ගෘහ ප්රචණ්ඩතා,සහ / හෝ වෙනයම් පවුල් අර්බුධ සඳහා උපකාර ලබාගැනීමට කරුණාකර ටුන් වා සමූහ රෝහල් පද්ධතියේ (Tung Wah Group of Hospitals) සීස් ආපදා මධ්යස්ථානයෙ (CEASE Crisis Centre) පැය 24 සූක්ෂම සන්නිවේදන දුරකථන අංක 18281 ට අමතන්න. වෙඩි තොරතුරු සඳහා කරුනාකර මෙම ස්ථානයට ක්ලික් කරන්න.

  • බලාපොරොත්තු නොවු ගැබ් ගැනීමක් සම්බන්ධයෙන් උපකාර ලබාගැනීමට, කරුනකර සමාජ සුබසාධන දෙපාර්තමේන්තුවේ සූක්ෂම සන්නිවේදන දුරකථන අංක 2343 2255 ට, අමතන්න. අමතර විස්තර සඳහා මෙම ස්ථානයට ක්ලික් කරන්න.

  • ඔබගේ රජයේ හොංකොං හි කොන්සල් ජනරාල්වරයා අමතන්න (ඉංග්‍රීසි අනුවාදයේ ආකාරයටම සකසා ඇත)


විශේෂ භාෂා අවශ්‍යතා

  • භාෂණ බාධක අපගේ සේවය නොලැබීමට හේතුවක් නොවන පරිදි පරිවර්තන සේවාව නොමිලේ පිළියෙළ කරනු ලැබේ. ඔබ කැමති නම්, ඔබ නිදහසේ සාමකාමී සේවාවක් ලබා ගැනීමට හෝ කම්කරු දෙපාර්තමේන්තුවට ලිපිගොනු ඉදිරිපත් කරන විට, ඔබගේම පරිවර්තකයින් ද රැගෙන යා හැකිය.